අපේ රටේ ජනගහණය ගැන මේ කරුණු ඔබ දැන සිටියාද...? (Did You Know These Facts About The Population Of Our Country?)

අපේ රටේ ජනගහණය ගැන මේ කරුණු ඔබ දැන සිටියාද...? (Did You Know These Facts About The Population Of Our Country?) - Your Choice Way

2022 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 21.54 ක් ලෙස වාර් තා වුණා. මේ ජනගහනයෙන් 52.1% ක් කාන්තාවන් වන අතර 47.9 % ක් පිරිමින්.මේ වන විට අපේ රටේ ජනගහනයෙන් 19.1 % ක් නාගරිකව ජීවත් වන අතර 80.9 % ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙනවා. අපේ රටේ මධ්‍යන්ය ජනගහණය වෙන්නේ අවුරුදු 34.5. මුළු ජනගහණයෙන් 49.5% වයස අවුරුදු 35 ට වඩා වැඩියි. ඒ වගේම ජනගහණයෙන් 27% ක් අවුරුදු 18 ට වඩා අඩු දරුවන්. මේ තොරතුරු දැන්වීම්කරණයේදී වගේම ඩිජිටල් අලෙවිකරණයේදීත් ඉතා වැදගත් වෙනවා.

2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන මිලියන 11.34 ක් ලෙස වාර් තා වුණා. එය මුළු ජනගහනයෙන් 52.6 % ක්. ඒ කියන්නේ අන්තර් ජාලය හා සම්බන්ධ නොවුණ තවත් මිලියන 10.2 ක ජනතාවක් අපේ රටේ සිටිනවා. එහි අර් ථය ජනගහණයෙන් 47.4 % ක් තවමත් offline. ඒ කියන්නේ අන්තර් ජාල මාර්කට් එක තවම ස්ටැග් වෙලා නැහැ, ජංගම දුරකථන සබඳතා වෙළඳපළ වගේ. ඒ වගේම වසරකට අලුතින් අන්තර් ජාල සබඳතා ලක්ෂ පහක් විතර එකතු වෙනවා.

ෆේස්බුක් සමාජ ජාලය තමයි අපේ රටේ දැනට වැඩිම පිරිසක් පරිශිලනය කරන සමාජ මාධ්‍ය. Meta’s advertising නැතිනම් ෆේස්බුක් සමාගම පවසන පරිදි අන්තර් ජාලය හා සම්බන්ධ ව ඇති ජනතාවගෙන් 63.1 % වෙත නැතිනම් මිලියන 7.1 ක් වෙත කෙළින්ම ප්‍ර වේශ වීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙහිදි අප පැහැදිළි කර ගත යුතු වන්නේ අවුරුදු 13 හෝ ඊට වඩා අඩු වයස පුද්ගලයින්ට ෆේස්බුක් පරිශීලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපේ රටේ ජනතාවගෙන් අවුරුදු 13 ට වැඩි පිරිසෙන් 41.5 % ක් ෆේස් බුක් භාවිතා කරනවා. ඒ වගේම මිලියන 6.6 ක් දෙනා මේ වන විට යූ ටියුබ් පරිශිලනය කරනවා.

ප්‍රියන්ත වෙදමුල්ලඅන්තර්ජාලය ඇසුරෙනි. දැනුම සොයන්න මේ පාරෙන් එන්න....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපේ රටේ ජනගහණය ගැන මේ කරුණු ඔබ දැන සිටියාද...? (Did You Know These Facts About The Population Of Our Country?) අපේ රටේ ජනගහණය ගැන මේ කරුණු ඔබ දැන සිටියාද...? (Did You Know These Facts About The Population Of Our Country?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2023 Rating: 5

0 comments:

Post a Comment