Sanda Thurulata Song Lyrics - සඳ තුරුලට ගීතයේ පද පෙළ

Sanda Thurulata Song Lyrics - සඳ තුරුලට ගීතයේ පද පෙළ
Song Title : Sanda Thurulata (සඳ තුරුලට)
ගායනය : රූකාන්ත ගුණතිලක 
පද රචනය : රූකාන්ත ගුණතිලක 
සංගීතය : රූකාන්ත ගුණතිලක 


සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසට
ඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනමි මං
ගත නළවන සුවය සදමි මං
හෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මට
අමා සුවය ඔබ ගෙනෙයි හිත සතුට ඔබ සදා
අදත් හෙටත් මම ඔබෙයි කියා මමත් ඔබට ආදරේ නගා

ඔබේ විලවුන් සුවඳ කාමරේ පුරා විහිදිලා
ඔබේ කටහඬ තාම ඇහෙනවා සවන් කොඳුරලා
ජීවිතේට කිසිමදාක වෙන් නොවන්න ළඟින් ඉන්න
ඔබට සදා සුවය ගෙනාවා දිවි ඇති තුරා ළඟින් ඉන්නවා

දුටුව පළමු දා පටන් ඔයා සිත අරන් ගිහින්
සිහින මාළිගා සදන් ඉන්නේ ඇයිද ඔයා තව ඉතින්

සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසට
ඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනමි මං
ගත නළවන සුවය සදමි මං
හෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මට
අමා සුවය ඔබ ගෙනෙයි හිත සතුට ඔබ සදා
අදත් හෙටත් මම ඔබෙයි කියා මමත් ඔබට ආදරේ නගා

දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං
ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං
ඔබ නැති ලොව මට කුමටද පානා දා
ඔබ එනතුරු මග බලනෙමි සැමදා
වේදනාම වේවා එන්න මා සොයාලා
දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං
ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං

Sanda Thurulata Song Lyrics - සඳ තුරුලට ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Thurulata Song Lyrics - සඳ තුරුලට ගීතයේ පද පෙළ Sanda Thurulata Song Lyrics - සඳ තුරුලට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2022 Rating: 5

0 comments:

Post a Comment