Man Gavin Song Lyrics - මං ගාවින් ගීතයේ පද පෙළ

Man Gavin Song Lyrics - මං ගාවින් ගීතයේ පද පෙළ
Song Title : Man Gavin (මං ගාවින්) |  by Shan M & Malmi Kavindi [2022]
Artist : Shan M & Malmi
Lyrics : Malmi Kavindi
Melody : Aki Vish Hegoda
Music : Shan M Music
Guitarist : Dilan Ekanayake
Mixed and mastered by Aki Vish Hegoda


මං ගාවින් නුඹ තියා හරි ආදරෙන් දැවටිලා
නෙතු මානයේ සිරවෙලා සිපගන්නෙමී මුව පුරා
සිත් ආකහේ පායනා තරු නෙත් නුඹේ හිනැහෙනා
දඟකාරියේ ඔය කතා සැනෙකින් නිවාලමී මා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑසිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

පිණි වෑහෙනා මන්දාරමේ හසරැලි මුවඟේ රන්දා
මල් විසිරෙනා මේ මාවතේ යමු අපි දෑතින් අල්ලා
ඉඩ දෙන්නම් දෙතොලතරේ මායම් හැඟුමන් තවරා
මුමුණන්නම් ඔය තුරුලේ මා නැවතී සුසුමන් සඟවා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

මන බන්දනා දඟකාරියේ කෙහෙරැල්ලේ මල් ගවසා
ඉඟි රූ රටා ඔය දෙකොපුලේ සැරසී රහසේ උන්නා
තනිවෙන්නම් රෑ සිහිනේ යාවී හැඟුමන් පවසා
සිපගන්නම් මා වස්සානයේ තනිවී නුඹගේ සේයා

මං ගාවින් නුඹ තියා හරි ආදරෙන් දැවටිලා
නෙතු මානයේ සිරවෙලා සිපගන්නෙමී මුව පුරා
සිත් ආකහේ පායනා තරු නෙත් නුඹේ හිනැහෙනා
දඟකාරියේ ඔය කතා සැනෙකින් නිවාලමී මා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා


Man Gavin Song Lyrics - මං ගාවින් ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Gavin Song Lyrics - මං ගාවින් ගීතයේ පද පෙළ Man Gavin Song Lyrics - මං ගාවින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2022 Rating: 5

0 comments:

Post a Comment