Dili Dili Dilisena Song Lyrics - දිලි දිලි දිලිසෙන ගීතයේ පද පෙළ

Dili Dili Dilisena Song Lyrics - දිලි දිලි දිලිසෙන ගීතයේ පද පෙළ
Song Title : Dili Dili Dilisena (දිලි දිලි දිලිසෙන)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
පද : සිරිල් ඒ. සීලවිමල
තනුව : ක්ලැරැන්ස් විජේවර්ධන
1975 දී තිරගතවූ සිකුරුලියා චිත්‍රපටියේ ගීයකි.


දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ //

නැකතට පෝරුවෙ
තැලි පිළි නැතිවද
දෑවැදි රන් පොදි
පැතුවේ නැතිවද
ලොකුවට මඟුලක් ගත්තේ නැතිවද
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි පෙම් පාටයි
හරි පින් පාටයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි පින් පාටයි
හරි පෙම් පාටයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ

ලොක්කෙක් වූවත්
ලොකු අඩුවක් ඇත
නෝනෙනක් නැත්නම්
කිසි එළියක් නැත
ඔක්කොම එක්කළ වැනි ලොව සම්පත
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි
කිරි උතුරා යයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි
කිරි උතුරා යයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ

අද වැනි කන බොන
දවසක් ඇති දෝ
අද නොම නටනා
නැටුමක් වෙති දෝ
මංගල දිනයක් මේ වැනි කොහෙදෝ
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සන්තෝසයි
හරි සන්තෝසයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය ගැන සන්තෝසයි
අපි හරි සන්තෝසයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dili Dili Dilisena Song Lyrics - දිලි දිලි දිලිසෙන ගීතයේ පද පෙළ Dili Dili Dilisena Song Lyrics - දිලි දිලි දිලිසෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment