Chandana Kasthuri Gala Song Lyrics - චන්දන කස්තුරි ගාලා ගීතයේ පද පෙළ

Chandana Kasthuri Gala Song Lyrics - චන්දන කස්තුරි ගාලා ගීතයේ පද පෙළ

Chandana Kasthuri Gala Song Lyrics - චන්දන කස්තුරි ගාලා ගීතයේ පද පෙළ
Song Title : Chandana Kasthuri Gala (චන්දන කස්තුරි ගාලා)
ගායනය : ලතා වල්පොල සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ටී.ආර්. පාපා
1964 දී තිරගතවූ "සුජාගේ රහස" චිත්‍රපටියේ ගීයකි.HMV තැටි අංක WN 763


චන්දන කස්තුරි ගාලා
කුංකුම හර පළඳාලා
පියුමක රොන් රස බීලා
මල් වැල් ගෙල වට දාලා
ලලල ලලල ලල
ලලල ලලල ලල
ලා... ආ... ආ....

චන්දන කස්තුරි ගාලා
කුංකුම හර පළඳාලා
පියුමක රොන් රස බීලා
මල් වැල් ගෙල වට දාලා
ළෙලෙන පහන් සිළු
විලස රඟමු අපි
වරෙල්ලා ඕ වරෙල්ලා
චන්දන කස්තුරි ගාලා (ආ... ආ...)

සැලළිහිණියනේ
සරන්නා සරන්නා
බමරුණි ගුම් දී බමන්නා බමන්නා
මොනරුනි පිල් බර සොබන්නා
ගිරවුනි ඵල රස උරන්නා //
ලඳුනිය රංගනිය
ප්‍රේමණීය දර්ශනීය
රමනීය සෝබනීය බැඳීලා
දැන් තබනු මැනවි හොඳ නමක් ඇයට
අද නැකත සැපත සොයලා

චන්දන කස්තුරි ගාලා
කුංකුම හර පළඳාලා
පියුමක රොන් රස බීලා
මල් වැල් ගෙල වට දාලා
ළෙලෙන පහන් සිළු
විලස රඟමු අපි
වරෙල්ලා ඕ වරෙල්ලා
චන්දන කස්තුරි ගාලා (ආ... ආ...)

දළු ලන අයුරු පැලේ
හසඟන පරිදි විලේ
මල ලෙස පිපෙන වැලේ
තිලකය බඳු කොපුලේ
මිහිර සතුට ජය සාමය අතරේ
සැමදා සැරදේවා
තෙරුවන් සරණින්
දෙව් රැකවරණින්
කිරි පැණි ඉතිරේවා

චන්දන කස්තුරි ගාලා
කුංකුම හර පළඳාලා
පියුමක රොන් රස බීලා
මල් වැල් ගෙල වට දාලා
ළෙලෙන පහන් සිළු
විලස රඟමු අපි
වරෙල්ලා ඕ වරෙල්ලා
චන්දන කස්තුරි ගාලා (ආ... ආ...)

Chandana Kasthuri Gala Song Lyrics - චන්දන කස්තුරි ගාලා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandana Kasthuri Gala Song Lyrics - චන්දන කස්තුරි ගාලා ගීතයේ පද පෙළ Chandana Kasthuri Gala Song Lyrics - චන්දන කස්තුරි ගාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2022 Rating: 5

0 comments:

Post a Comment