Sirisara Bulath Wita Song Lyrics - සිරිසාර බුලත් විට ගීතයේ පද පෙළ

Sirisara Bulath Wita Song Lyrics - සිරිසාර බුලත් විට ගීතයේ පද පෙළ
Song Title : Sirisara Bulath Wita (සිරිසාර බුලත් විට)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : W.D. අමරදේව
පද රචනය : මහගමසේකර
චිත්‍රපටය : සාරවිට (1965)


සිරිසාර බුලත් විට කාලා බලන්
සිරිසාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරිසාර බුලත් විට කාලා බලන්

පන්සලේ පල්ලියේ කෝවිලේ හංදිය
බස් නැවතුම්පල පෝලිමේ හැමතැන
කාගෙත් හොඳහිත සමඟ බෙදාගෙන
කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලී චුන්නබූග නාගවල්ලි
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරිසාර බුලත් විට කාලා බලන්

සිරිසාර බුලත් විට කාලා බලන්
සිරිසාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරිසාර බුලත් විට කාලා බලන්

ඇති නෑදෑකම් නැති කරගන්නට
නැති නෑදෑකම් ඇති කරගන්නට
සැපතට විපතට ගමනට බිමනට
කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sirisara Bulath Wita Song Lyrics - සිරිසාර බුලත් විට ගීතයේ පද පෙළ Sirisara Bulath Wita Song Lyrics - සිරිසාර බුලත් විට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment