Piyumehi Pani Bothi Wana Bamaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බමරූ ගීතයේ පද පෙළ

Piyumehi Pani Bothi Wana Bamaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බමරූ ගීතයේ පද පෙළ
Song Title : Piyumehi Pani Bothi Wana Bamaru (පියුමෙහි පැණි බොති වන බමරූ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ //

කුසගිණි හැදුනට ඉඳුල් නොකවු
තණ කොළ නුබුදිති සිංහ පැටවු //

හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගව තෙල් නොදමයි රන් බඳුනේ //

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා //

සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳී ගිරවියගෙ කරේ //

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyumehi Pani Bothi Wana Bamaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බමරූ ගීතයේ පද පෙළ Piyumehi Pani Bothi Wana Bamaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බමරූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment