Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැලවු ගීතයේ පද පෙළ

Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැලවු ගීතයේ පද පෙළ
Song Title : Oba Tharamata Ma Nalawu (ඔබ තරමට මා නැලවු)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : මොහොමඩ් සාලි
පද රචනය : කරුණාරත්න අබේසේකර


ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

කළුවර කුටියක තිනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙලන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියො ළගම සලිත වන්නේ

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

අතවනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්නට හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැලවු ගීතයේ පද පෙළ Oba Tharamata Ma Nalawu Song Lyrics - ඔබ තරමට මා නැලවු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment