Nidahas Kahala Nadaya Song Lyrics - නිදහස් කාහල නාදය ගීතයේ පද පෙළ

Nidahas Kahala Nadaya Song Lyrics - නිදහස් කාහල නාදය ගීතයේ පද පෙළ
Song Title : Nidahas Kahala Nadaya (නිදහස් කාහල නාදය)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ඇම්. කේ. රොක්සාමි
1968 දී තිරගතවූ සිඟිති සුරතල් චිත්‍රපටියේ ගීයකි.


නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවෙ
මිණි මුතු කිරුළ දරා
නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

සුවඳ අතීතය සමරව්
සමගි පියුම් පෙති පුබුදව්
පිබිදෙව් පිබිදෙව්
දිදුලන තරු ලෙස පිබිදෙව්

නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

කුල ගොත කඳවුරු මතභේදේ
පා කොට රළ මත මහ මුහුදේ //
නිදි ගැට දුරලා
බැඳි බැමි මුදලා
උදාකරව් සෞභාග්‍යේ

නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

කීර්ති රාවෙ නැඟු දස දේසේ
රාජ තේජ බල ඉතිහාසේ
නව පණ නංවා
මල් ඵල ගන්වා
උදකරව් සෞභාග්‍යේ

නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවෙ
මිණි මුතු කිරුළ දරා
නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidahas Kahala Nadaya Song Lyrics - නිදහස් කාහල නාදය ගීතයේ පද පෙළ Nidahas Kahala Nadaya Song Lyrics - නිදහස් කාහල නාදය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment