Kikini Dal Song Lyrics - කිකිණි දැල් ගීතයේ පද පෙළ

Kikini Dal Song Lyrics - කිකිණි දැල් ගීතයේ පද පෙළ

Kikini Dal Song Lyrics - කිකිණි දැල් ගීතයේ පද පෙළ
Song Title : Kikini Dal (කිකිණි දැල්)
ගායනය : සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා) සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : ටී. ෂෙල්ටන් පෙරේරා
චිත්‍රපටිය : සරුබිම (1967)


කිකිණි දැල් ගිගිරි වැල්
රසය ගල ගලා
හඬ ද ඒ එන්නෙ මේ
සුළඟෙ මුසු වෙලා

ඔබෙ වදන් සිහිකරන්
සිතට පිටුපපා
කවර නම් අමර නම්
සිළිඳු මට එපා

සිසිල පොකුණු පිරීයන්
නොපිපි කැකුළු පිපීයන්.
රුව මැවි මැවි පෙනීයන්
ඇයගෙ සුවඳ දැනීයන්
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා

කිකිණි දැල් (හා ආ ආ ආ)
ගිගිරි වැල් (හා ආ ආ ආ)
රසය ගල ගලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හා ආ ආ ආ)

අඳුර එළිය වුණාවේ
වැල ලියලා ගියාවේ
මල් පෙති පිබිදුණා වේ
පෙර පින අද හිනාවේ
ජීවිතේ ජීවිතේ සිහින එළි වෙලා

කිකිණි දැල් (හා ආ ආ ආ)
ගිගිරි වැල් (හා ආ ආ ආ)
රසය ගල ගලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හාආආ ආ)

ඔබෙ වදන් සිහිකරන් (ම් ම් ම් ම්..)
සිතට පිටුපපා (ම්ම්ම් ම්ම්ම් ම්.)
කවර නම් අමර නම් (ම්ම්ම් ම්ම්ම්)
සිළිඳු මට එපා (ම්ම්ම් ම්ම්ම් ම්.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kikini Dal Song Lyrics - කිකිණි දැල් ගීතයේ පද පෙළ Kikini Dal Song Lyrics - කිකිණි දැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment