Muthu Manik Epa Song Lyrics - මුතු මැණික් එපා ගීතයේ පද පෙළ

Muthu Manik Epa Song Lyrics - මුතු මැණික් එපා ගීතයේ පද පෙළ

Muthu Manik Epa Song Lyrics - මුතු මැණික් එපා ගීතයේ පද පෙළ
Song Title : Muthu Manik Epa (මුතු මැණික් එපා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ ශ්‍රීමතී තිලකරත්න
පද රචනය : ප්‍රේම කීර්ති ද අල්විස්


මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

හිරු හා නෙළුම් ඇත බැඳී
පිණි හා අරුණ සුව විඳී
මතු දා දිළිඳු පැළකදී
නැවතී ඉන්න සෙවණ දී
සිත හා සිතන සිතුවිලි
සරසා සදන සැණකෙළි
දෙනෙතේ නැගෙන කඳුළැලි
පිසදා මවනු සැණකෙළි

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

ඔබ මා ළඟම ගැවසිලා
මවනා සතුට උතුරලා
ගංගා විලස ගල ගලා
යන්නා සයුර වෙත බලා
සයුරේ වෙරළ අසලදී
බැඳිලා මුවට මුහුණ දී
මුසු වී ඉන්න හිත දිදී
එනවා ළඟම දිනකදී

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Manik Epa Song Lyrics - මුතු මැණික් එපා ගීතයේ පද පෙළ Muthu Manik Epa Song Lyrics - මුතු මැණික් එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment