Iskole Giya Kale Song Lyrics - ඉස්කෝලේ ගිය කාලෙ ගීතයේ පද පෙළ

Iskole Giya Kale Song Lyrics - ඉස්කෝලේ ගිය කාලෙ ගීතයේ පද පෙළ
Song Title : Iskole Giya Kale (ඉස්කෝලේ ගිය කාලෙ)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


අණ්ඩ දැමූ කලිසම් කොටේ ඇඳ
බොත්තම් වෙනුවට කටු ගහලා
සෝද සෝදා ඇන්ද කමිසේ
හිනැහේ උරහිස්සෙන් ඉරිලා
අවුරුදු ගානක් අතින් අතට ගිය
පාඩම් පොතේ පිට කොළ ඉරිලා
ඇට්ටරකම් කළෙ නැති බැරි කමටයි
අත් ඇරියෙත් නෑ බෑ කියලා
වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

කන්ද මැදින් ඉස්කෝලෙට ආ ගිය
ගුරු පාරේ සෙල්ලම් කරලා
රණ්ඩු දබර කර අත පය කැඩුණත්
වෙන්වී ගියෙත් නෑ තරහ වෙලා
කළ කළ වරදට මට දඬුවම් කළ
යහ මඟ පෙන්වා මා මිනිසෙකු කළ
ගුරු දෙවියනි ඔබ මතු බුදු වේවා

අණ්ඩ දැමූ කලිසම් කොටේ ඇඳ
බොත්තම් වෙනුවට කටු ගහලා
සෝද සෝදා ඇන්ද කමිසේ
හිනැහේ උරහිස්සෙන් ඉරිලා
අවුරුදු ගානක් අතින් අතට ගිය
පාඩම් පොතේ පිට කොළ ඉරිලා
ඇට්ටරකම් කළෙ නැති බැරි කමටයි
අත් ඇරියෙත් නෑ බෑ කියලා
වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

කවදා හෝ මිනිහෙක් වෙන්නට නම්
ඉගෙන ගනින් උඹ දුක් විඳලා
කී හැටි කිසි දින අමතක නොකළෙමි
පින් දෙමි අද ඔබ සිහි කරලා
ලෝකය සුන්දර නවාතැනක් සේ
උඩු යටිකුරු කොට මට තේරුම් කළ
ගුරු දෙවියනි ඔබ මතු බුදු වේවා

අණ්ඩ දැමූ කලිසම් කොටේ ඇඳ
බොත්තම් වෙනුවට කටු ගහලා
සෝද සෝදා ඇන්ද කමිසේ
හිනැහේ උරහිස්සෙන් ඉරිලා
අවුරුදු ගානක් අතින් අතට ගිය
පාඩම් පොතේ පිට කොළ ඉරිලා
ඇට්ටරකම් කළෙ නැති බැරි කමටයි
අත් ඇරියෙත් නෑ බෑ කියලා
වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

වෙනත් කාලයක් නැත මනරම්
ඉස්කෝලේ ගිය කාලෙ තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iskole Giya Kale Song Lyrics - ඉස්කෝලේ ගිය කාලෙ ගීතයේ පද පෙළ Iskole Giya Kale Song Lyrics - ඉස්කෝලේ ගිය කාලෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment