Gal Wedi Sawudama Song Lyrics - ගල් වෙඩි සවුදම ගීතයේ පද පෙළ

Gal Wedi Sawudama Song Lyrics - ගල් වෙඩි සවුදම ගීතයේ පද පෙළ
Song Title : Gal Wedi Sawudama (ගල් වෙඩි සවුදම)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


ගල් බෝරේ.................. හේයි

ටං ටිං හඬදී කටු මිටි පහරින්
කළුගල් විද ගනිතෙයි තෙතෙයි තෙයි කළුගල් විද ගනිතෙයි
හො හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ
යන්තම්වත් වරදින්ට නොදී
සීරුවට ඉඳන් කොටතෙයි තෙතෙයි තෙයි රුවට ඉඳන් කොටතෙයි
හො හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ
ගින්දර අවුලා ඈතට දුවලා
එබිකම් කර බලතෙයි තෙතෙයි තෙයි එබිකම් කර බලතෙයි
හො හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ
ඔන්න බලන් සකි ගල් වෙඩි සවුදම
සුරු සුරු දොං තක තෙයි තෙතෙයි තෙයි සුරු සුරු දොං තක තෙයි
හො හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ

කැස්ටින් කටු මිටි කූරුත් අරගෙන
දිත් දිත් චොර බොර තරි කුංදං
දෝංකාර දෙන ගිනි විජ්ජුම්බර
හතර දිගට දුම් පැතිර කුඩේ කුඩු
දුම් රොටු මැද්දෙන් ගිඩි ගිඩි සද්දෙන්
ගින්දර තියනා ඈතට දුවනා
බෝර පුපුරු නද සුරු සුරු සුරු සුරු සුරුතත් දොං

කැස්ටින් කටු මිටි කූරුත් අරගෙන
(හඬ ට අනුව බෙර පද වාදනය)
දිත් දිත් චොර බොර තරි කුංදං
(හඬ ට අනුව බෙර පද වාදනය)
දෝංකාර දෙන ගිනි විජ්ජුම්බර
(හඬ ට අනුව බෙර පද වාදනය)
හතර දිගට දුම් පැතිර කුඩේ කුඩු
(හඬ ට අනුව බෙර පද වාදනය)
දුම් රොටු මැද්දෙන් ගිඩි ගිඩි සද්දෙන්
(හඬ ට අනුව බෙර පද වාදනය)
ගින්දර තියනා ඈතට දුවනා
(හඬ ට අනුව බෙර පද වාදනය)
බෝර පුපුරු නද සුරු සුරු සුරු සුරු සුරුතත් දොං
(හඬ ට අනුව බෙර පද වාදනය)

අහස පොළව ගිගුම් දෙවා පුපුරා ගිය හඬ එවරේ
වනසවමින් යක් බූ සෙන් තද බල සුංකර පැතිරේ
සිරස නළල දෙවුර උකුළ දෙදණ කෙණ්ඩ දෙවලුකරේ
සනසවමින් ඔබෙ සියොගත දොස දුරුවී යයි බැහැරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gal Wedi Sawudama Song Lyrics - ගල් වෙඩි සවුදම ගීතයේ පද පෙළ Gal Wedi Sawudama Song Lyrics - ගල් වෙඩි සවුදම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment