Ipaduna Da Patanma Song Lyrics - ඉපදුන දා පටන්ම ගීතයේ පද පෙළ

Ipaduna Da Patanma Song Lyrics - ඉපදුන දා පටන්ම ගීතයේ පද පෙළ

Ipaduna Da Patanma Song Lyrics - ඉපදුන දා පටන්ම ගීතයේ පද පෙළ
Song Title : Ipaduna Da Patanma (ඉපදුන දා පටන්ම)
ගායනය : නෙල්සන් වාස්

ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩූ බව ලොව මට කිව්වා
දැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසා
ඔබෙන්ම අහන්න හිතුණා මා ඔබේ පුතු නොවේද
හැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා
ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
ඔබමයි මා වැදූ අම්මා

දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ
ආයෙත් නොඅසමි අම්මේ
වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ
වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද
අම්මා ඔබයි සංසාරේ

වදලා කුණු බක්කියේ දමලා යන අම්මලාට
කියලා දෙන්නද අම්මේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ
වදනා අම්මලාද හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ

කුස තුළ බිළිඳු මරා මව් නමට දෙන්නේ නිගා
හදන්න බය හින්දානේ
වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ
මතු බුදුවෙනවා අම්මේ
වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ
මතු බුදුවෙනවා අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ipaduna Da Patanma Song Lyrics - ඉපදුන දා පටන්ම ගීතයේ පද පෙළ Ipaduna Da Patanma Song Lyrics - ඉපදුන දා පටන්ම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment