කලු පාලම ලග බලු අවතාරය (Horror)

කලු පාලම ලග බලු අවතාරය (Horror) - Your Choice Way

මම දැන් ඉන්නෙ ඇබිලිපිටියෙ නැන්දලාගෙ ගෙදර ඇබිලිපිටියෙ කිව්වට ඇබිලිපිටියෙන් ඇතුලට යන්න ඕන මීටර් 800 ක් වගේ හබරලුවැව පාරෙ හබරලුවැව බස් එකේ තමයි යන්න තියෙන්නෙ ඇබිලිපිටියෙ කට්ටිය ඉන්නවනම් දන්නව ඇති.

එදා මම කෝස් එකකට ඉන්ටවු ගිහින් හිටියෙ කොලබ කොහොමහරි එදා ඉන්ටවු ඉවර වෙලා ඇබිලිපිටිය පරන පාර කොලබ Ruwan pathirana (RP Express ) බස් එක් ඇවිල්ල ඇබිලිපිටියෙන් බැහැල වෙලාව බලනකොට හවස 6.20 යි අප්පටසිරි අන්තිම බස් එකත් ගිහින්ද දන්නෙ නෑ කියල හිතල පාර දිහා බලනකොට අන්තිම බස් එක යනව පෙනි පෙනි මොනව කරන්නද ඉතිම් දැන් පස්සෙන් දුවන්න කියලැයෑ වීල් එකකවත් යනව කියල පර්ස් එක දිහා බලද්දි රුපියල් 120 යි තියෙන්නෙ පර්ස් එකේ එතකොට තමා මට දෙයියො බුදුන් සිහි වුනෙ වීල් එකකත් එතන්ට 150 ක් වගේ ගන්නව පාරත් අවුල් නිසා දැන් ඉතින් මොනව කරන්නද උදේ ඉදන් වැස්ස වැස්සත් දැන් පොඩ්ඩක් අඩු එකේ ඔන්න ඔහෙ වෙනසකටත් එක්ක පයින්ම යනව කියල හිතල කඩේකින් මුරුක්කු ගෑම් සීයකුයි ගෝල් ලිෆ් එකකුයිත් අරන් පයින්ම ගමන යන්න පටන්ගත්ත අතේ තිබ්බ අන්තිම 120 ත් ඉවරයි ඔන්න.

අහ් කියන්න අමතකවුනා මම මේ පාරෙ කලින් පයින් ගිහින්ම නෑ එදා තමා පලවෙනි පාරට පයින් යන්නෙත්.

දැන් තමා හොල්මන් සීන් එකට එන්ටර් වෙන්නෙ.උදේ ඉදන් බස් වල ගිහින් ගිහින් එපා වෙලා ඇගේ අමාරුව යන්නයි තියන සීතල ටිකක් අඩු වෙන්නයි කියල මම ඉස්සල්ලම ගෝල් ලිෆ් එක පත්තු කරගත්ත අම්මේ තියන සනීපේ ඒක බිබී මීටර් 200 ක් විතර ගියහම පොඩි බෝක්කුවක් සෙට් වෙනව එතනදි සිගරට් එකත් ඉවරයි.

ඔන්න දැන් මුරුක්කු ටික කන්න පටන්ගත්ත මුරුක්කු ක කා ටික දුරක් යද්දි නිකන් පස්සෙන් කවුරුහරි එනව වගේ දැනෙනව මම ඉතින් සත පහකට ගනන්ගත්තෙ නෑ දැන් ආය දැනෙනව එතකොට මම මොන හු# කියල පිටිපස්සෙ බැලුව බලනකොට පොඩි කලු පාට බල්ලෙක් ඉන්නව මට අඩි දෙකක් විතර පස්සෙන් ඒත් මට ඇහුන අඩි සද්දෙ බල්ල්ක්ගෙ වෙන්න බෑ නිකන් මනුස්සයෙක්ගෙ වගේ අඩි සද්දයක් ඇහුනෙ ඒත් මම වැඩිය ගනන්ගන්නෙ නැතුව ඉස්සරහට ගියා.

අහ් කියන්න අමතකවුන දැන් මම ඉන්න තැනට මීටර් 100 වගේ ඉස්සරහ තියෙන්නෙ කලු පාලම කියල පාලමක් දැන් කොහොම හරි ඔය පාලම පේන දුර ඉන්නෙ මම එතන්ට යනකොට මුරුක්කු එකෙනුත් බාගයක් විතර ඉවරයි දැං පාලමට අඩි 10 ක් විතර පස්සෙන් ඉන්නෙ මම ඔහොම තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට මම දැක්ක නිකන් පාලම ඉස්සරහින් මොකෙක් හරි ගියා වගේ ඒක ගනන්ගන්නෙ නැතුව මම පාලම උඩට ගිහින් මුරුක්කුවක් කන්න මුරුක්කු එක දිහා බලනකොට එක මුරුක්කුවක්වත් නෑ මුරුක්කු එකේ එවලෙම මගෙ පිටිපස්සෙන් කවුරුහරි තලු ගහ ගහ මුරුක්කු කනව සද්දෙකුත් ඇහෙනව මහ අමුතුම සද්දයක් කියන්න තේරෙන්නෙ නෑ ඒක.

එවෙලනම් මට කුනුහරප මතක් වුනෙත් නෑ මම පස්ස නොබලම කෙලින්ම දිව්වෙ පාලමට මීටර් 60 ක් විතර ඉස්සරහින් තියන පොඩි කඩේට එතන්ට ගියහම කඩේ මාම වතුර එකක් දීල මගෙන් ඇහුව විස්තරේ මොකද වුනෙ මොකෝ මේ දාඩිය දාන් යකෙක් දැකල වගේ කියල කියල පස්සෙ මම සීන් එක කිව්ව එතකොට තමා ඒ මාම සීන් එක කිව්වෙ.

ඔය කලු පාලම ලග හොල්මන් තියනවලු කලිනුත් ගොඩක් අය බය වෙලා තියලු බල්ලෙක්ගෙ අවතාරයක්ලු තියෙන්නෙ මම පුලුටු කකා ඇවිත් ඔයින් බේරුනා ඇති කිව්ව අර පස්සෙන් ඇවිත් තියෙන්නෙ ඒ බල්ලගෙ අවතාරෙලු මට පස්සෙන් කවුරුහරි මුරුක්කු කනව වගේ ඇහුන වෙලාවෙ මම පිටිපස්ස බලන්නෙ නැතුව ආව නිසා හොදයි කිව්ව පස්ස බැලුවනම් තොවිල් කරන්න වෙන්නෙ කිව්ව එවලෙ බය වුන බය විල්ලට මට සුලුදිය පිටවුනෙ නැති එකත් පුදුමයි පස්සෙ නැන්දලට කෝල් එකක් දීල එයාලව ගෙන්නගෙන තමයි මම ගෙදර ගියෙ එදයින් පස්සෙනම් ‍රෑ තියා දවාලකවත් තනියෙන් ගියෙ නෑ එතනින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කලු පාලම ලග බලු අවතාරය (Horror) කලු පාලම ලග බලු අවතාරය (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2022 Rating: 5

0 comments:

Post a Comment