Himidiriye Hiru Eliyata Song Lyrics - හිමිදිරියේ හිරු එළියට ගීතයේ පද පෙළ

Himidiriye Hiru Eliyata Song Lyrics - හිමිදිරියේ හිරු එළියට ගීතයේ පද පෙළ
Song Title : Himidiriye Hiru Eliyata (හිමිදිරියේ හිරු එළියට)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් ද අල්විස්


හිමිදිරියේ හිරු එළියට
මං යනවා එහා ගමට
නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
අඳුර වැටෙන්නා
ගැල පැදවෙන්නා

රිදී පාට වලාකුළක
පුරා බලන තරු යුවලක්
ඔබේ දෑස කියා මගේ සිතයි කියන්නේ
ඒ එළියයි නිදි රකුසා එළවා ගන්නේ

හිමිදිරියේ හිරු එළියට
මං යනවා එහා ගමට
නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
අඳුර වැටෙන්නා
ගැල පැදවෙන්නා

පුංචි මැණිකෙ බහ දෙඩුවට
උඹේ දෑස මට හිමි නෑ
ගෙපැල හදා කල් බැලුවට සිත වැලපෙන්නේ
සුබ නැකතින් මැණිකේ හෙට මුදු පළඳන්නේ

හිමිදිරියේ හිරු එළියට
මං යනවා එහා ගමට
නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
අඳුර වැටෙන්නා
ගැල පැදවෙන්නා

අඳුර වැටෙන්නා
ගැල පැදවෙන්නා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himidiriye Hiru Eliyata Song Lyrics - හිමිදිරියේ හිරු එළියට ගීතයේ පද පෙළ Himidiriye Hiru Eliyata Song Lyrics - හිමිදිරියේ හිරු එළියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment