Kiri Kawdi Sina Nodeka Bendunu Adare Song Lyrics - කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ගීතයේ පද පෙළ

Kiri Kawdi Sina Nodeka Bendunu Adare Song Lyrics - කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Kiri Kawadi Sinaha Nodeka Bendunu Adare (කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ
ආදරේ
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ //

පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ
ආදරේ
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Kawdi Sina Nodeka Bendunu Adare Song Lyrics - කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ගීතයේ පද පෙළ Kiri Kawdi Sina Nodeka Bendunu Adare Song Lyrics - කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment