හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️

හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way

ලඟ එන ආදරවන්තයන්ගේ දිනයේ ඔයාගෙ ආදරණීයයන් රසවත් කරන්නට  කදිම අතුරුපසක් තමයි මං අද ඔයාලට ගෙනාවෙ ❤️

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

ජෙලි එක සඳහා :
  • 🌹 ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1 (100g) ක්
  • 🌹 ජෙලටින් තේ හැඳි 1  1/2 ක්
  • 🌹 උණු වතුර 400 ml (කෝප්ප 1 3/4ක් පමණ )
  • 🌹  අවශ්‍ය නම් රතු කලරින් ටිකක් 

පුඩිං එක සඳහා :
  • 🌹 පාන්පෙති 5 ක් (මං ගත්තෙ සැන්ඩ්විච් පාන්)
  • 🌹 කිරි ලීටර් 1 ක් (ෆ්‍රෙශ් මිල්ක් හෝ කැමති කිරි වර්ගයක්)
  • 🌹 සීනි කෝප්ප 3/4 ක් (150g පමණ) රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන් .
  • 🌹 ජෙලටින් මේස හැඳි 2 ක්
  • 🌹 වැනිලා තේ හැඳි 1  ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ❤ මුලින්ම ජෙලි වලට ජෙලටින් ටික කලවම් කරන්න.
  2. ❤ උතුරවා ගත් වතුර එකතු කර ජෙලි එක හොඳින් දියකර නිවුනු පසු ශීතකරණයේ තබා set කර ගන්න . ( කැමති නම් රතු කලරින් බිඳු කිහිපයක් එකතු කර ගන්න.)
  3. ❤ දැන් පාන් වල වටේ තිබෙන දුඹුරු පැහැ කොටස් කපා ඉවත් කරන්න.
  4. ❤ මැද කොටස් ගෙන කුඩා කොටස් වලට කපා ගන්න.
  5. ❤ දැන් කපාගත් පාන්, සීනි සහ කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
  6. ❤ එයට වැනිලා එකතු කරන්න.
  7. ❤ දැන් මේ කිරි මිශ්‍රණය ලිප තබා උතුරවා ගන්න.
  8. ❤ රත් කරගත් කිරි ටිකකින් ජෙලටින් ටික දියකර කර කිරි එකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  9. ❤ දැන් ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තබන්න.
  10. ❤ දැන් පුඩිං හදන භාජනය ගෙන බටර් ආලේප කර නිවාගත් කිරි මිශ්‍රණයෙන් 1/3 ක් පමණ එම බඳුනට දමා set වනතුරු ශීතකරණයේ තබන්න.
  11. ( මම මේ පුඩිං එක හැදුවෙ අඟල් 10× 4 මෝල්ඩ් එකක.ඔයාලා ගන්න භාජනය අනුව මිශ්‍රණය අඩු වැඩි වෙන්න පුළුවන් .ඒනිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.)
  12. ❤ පුඩිං එක set වනතුරු අපට පුලුවන් set වුන ජෙලි එකෙන් හාට් හැඩ කපා ගන්න . හාට් කපන්න ඔයාලා කුකී කටර් එකක් පාවිච්චි කරන්න , ඒක පහසුයි.
  13. ❤ ඊලඟට set වූ පුඩිං කොටස මත මේ කපාගත් හාට් හිඩැස් නොසිටින සේ මැදින් පිලිවෙලට තබා ගන්න.( මං ඔයාලට ෆොටෝ දාලා තියනවා බලන්න)
  14. ❤ දැන් ඉතිරි කිරි මිශ්‍රණය හාට් වැසෙන සේ පරිස්සමෙන් පුරවා ගන්න.
  15. ❤ set වනතුරු ශීතකරණයේ තබන්න.
  16. ❤ හොඳින් set වූ පසු වටේ සෙමින් බුරුල් කොට පුඩිං එක පැතලි භාජනයක් මතට දමා පෙති කපා ගන්න.
❤ ඔයාලත් හදලා රස බලන්නකෝ , මටත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා ❤

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way

හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way

හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way

හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way

හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way

හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️  - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️ හිඩ්න් හාර්ට් ජෙලි පුඩිං හදමු (Hidden Heart Jelly Pudding Hadamu) ❤️ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment