Dota Pura Muthu Mala Latha Song Lyrics - දෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළ

Dota Pura Muthu Mala Latha Song Lyrics - දෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළ
Song Title : Dota Pura Muthu Mala Latha (දෝත පුරා මුතු මාල ලතා)
ගායනය : බන්දුල විජේවීර
පද : උපාලි ධනවලවිතාන
තනුව : බන්දුල විජේවීර


දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා //
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු //

දෙතොල් රුවින් මනරංගන
දෙතොල් රුවින් මනරංගන
සැඟවෙයි කිරි මුතු පබළූ
දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණිකැන් පහන් වැටේ //

සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටේ

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා //
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dota Pura Muthu Mala Latha Song Lyrics - දෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළ Dota Pura Muthu Mala Latha Song Lyrics - දෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment