Diya Ellata Ba Song Lyrics - දිය ඇල්ලට බෑ ගීතයේ පද පෙළ

Diya Ellata Ba Song Lyrics - දිය ඇල්ලට බෑ ගීතයේ පද පෙළ

Diya Ellata Ba Song Lyrics - දිය ඇල්ලට බෑ ගීතයේ පද පෙළ
Song Title : Diya Ellata Ba (දිය ඇල්ලට බෑ)
ගායනය : නෙල්සන් වාස්


දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹ හින්දා ඈට මා එපාලු
උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු
ඈ ගියදා මට නොදැනුණු පාළු
උඹ නැතිදා මට දැනේවී යාළු
මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
ඇය වෙනකෙකුගේ පහස ලැබූ දවසේ
වෙන තුරුළක චපල එයා නැලවේ
උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවය හොයාපු සැනසුමදෝ
උඹට එහා තව නිවනක් වේදෝ
ළඳකට බෑ පෙම් කරන්න සමසේ
උඹට හැකිය සලකන්නට එකසේ
ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
උඹත් මාව දාලා යාවි දුකසේ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ… මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diya Ellata Ba Song Lyrics - දිය ඇල්ලට බෑ ගීතයේ පද පෙළ Diya Ellata Ba Song Lyrics - දිය ඇල්ලට බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment