Aruna Udaye Song Lyrics - අරුණ උදයේ ගීතයේ පද පෙළ

Aruna Udaye Song Lyrics - අරුණ උදයේ ගීතයේ පද පෙළ
Song Title : Aruna Udaye (අරුණ උදයේ)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා


අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා

ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයි
ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව් කඩිසරයි

අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා

සිහල ආරිය සිරිත මේ ලිය සියළු තැන්හිම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන් දිළෙනවා

අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා

වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බිරළු හැඩ දමා
කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඈ තමා

අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aruna Udaye Song Lyrics - අරුණ උදයේ ගීතයේ පද පෙළ Aruna Udaye Song Lyrics - අරුණ උදයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment