Ahase Innavalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ

Ahase Innavalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ

Ahase Innavalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ
Song Title : Ahase Innavalu (අහසෙ ඉන්නවලු)
ගායනය : ලයනල් රන්වල, සමන් ද සිල්වා සහ රන්වල බලකාය
පද රචනය : ලයනල් රන්වල
සංගීතය : ලයනල් රන්වල


අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

මෝල්ගහේ දළු එනතුරු කළු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙන තුරු

මෝල්ගහේ දළු එනතුරු කළු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙන තුරු

පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොළක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං

අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින

පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින

හේනක් කුඹුරක්වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahase Innavalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ Ahase Innavalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment