Supem Lowe Kusumsara Song Lyrics - සුපෙම් ලොවේ කුසුම්සරා ගීතයේ පද පෙළ

Supem Lowe Kusumsara Song Lyrics - සුපෙම් ලොවේ කුසුම්සරා ගීතයේ පද පෙළ
Song Title : සුපෙම් ලොවේ කුසුම්සරා (Supem Lowe Kusumsara)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි


සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා //
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

රාජ දරුවො රාජ ඔටුනු අත් හලේ  
සාලිය කුමාර රැඳෙව්වෙ රොඩි පැලේ
රාවණ රජ සීතා කුමරි සිර කළේ  
වානර හනුමත්තා මැව්වෙ ගිනි මැලේ  
කුස නර නිරිඳා දුක්වින්දේ ඇත්හලේ  
අනංගයා නිසයි

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

කුලය නිලය ධනය සලකලා  
වටින තරුණ තරුණියන්ව නැති කළා //
වස විස බොන්නේ මිය යන්නේ එල්ලිලා  
අනංගයා නිසයි  

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

දෙමව්පියන් වැඩිහිටියන් නොසලකයි  
උදේ හවා රෑ යාමේ දහ දුකයි //
මේ මල් හී සැර විදින දුන්න හරි සැරයි  
අනංගයා වසයි  

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා //
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supem Lowe Kusumsara Song Lyrics - සුපෙම් ලොවේ කුසුම්සරා ගීතයේ පද පෙළ Supem Lowe Kusumsara Song Lyrics - සුපෙම් ලොවේ කුසුම්සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment