Anangaya Sarane Song Lyrics - අනංගයා සරණේ ගීතයේ පද පෙළ

Anangaya Sarane Song Lyrics - අනංගයා සරණේ ගීතයේ පද පෙළ
Song Title : Anangaya Sarane (අනංගයා සරණේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි


අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
අනංගයා සරණේ //

බිරිතනියේ කිරුළ අයිති වින්සර් ආදිපාදයා //
මල්සරාගෙ හීය වැදී රජ සැප හැරදා ගියා //
දුස්මන්තා කුමරු සමග සකුන්තලා පැටලුණේ //
මල් හීයෙන් විදපු නිසයි ඇවිදින කොට ඇය වනේ

අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ

කවියත් ගත්කරුවත් ලොව උමතුවෙලා වැළපුණේ //
අනංග හී සැරය නිසයි සක් දෙවියන් ගොළු වුණේ //
ලෙයිල මජ්නු පෙම් කතාව හද දෙදරණ පුවතකි //
සුපෙම්සරා වාසි අතට පගා ගසන මිනිසෙකි

අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ

සෙල්ලම් කොට දුන්නෙන් විද මුවා වෙලා සැඟවුණා //
මිල්ටන් වැනි මහ කවියන් මල්සරාට රැවටුණා //
රොමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් නැති කළේ //
මලවි කියන මල්සරාය මැව්වේ දුක් ගිනි මැලේ

අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
අනංගයා සරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anangaya Sarane Song Lyrics - අනංගයා සරණේ ගීතයේ පද පෙළ Anangaya Sarane Song Lyrics - අනංගයා සරණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment