Api Nathi Wuna Nam Song Lyrics - අපි නැති වුණා නම් ගීතයේ පද පෙළ

Api Nathi Wuna Nam Song Lyrics - අපි නැති වුණා නම් ගීතයේ පද පෙළ

Api Nathi Wuna Nam Song Lyrics - අපි නැති වුණා නම් ගීතයේ පද පෙළ
Song Title : Api Nathi Wuna Nam (අපි නැති වුණා නම්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : (ප්‍රේමකීර්ති ද අල්විස් ගේ යැයි අනුමාන කරමි)
සංගීත අධ්‍යක්ෂණය : පී. එල්. ඒ. සෝමපාල
1975 වසරේදී තිරගතවූ "දමයන්ති" චිත්‍රපටියට ගැයුණු ගීයකි.


අපි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

ගලින් ගලක් තැබූ ලෙසේ දැය ඉහළට ආයේ //
බිංදුවකිනි අපෙ ඩාදිය හෙළූ දිවා රැයේ
ඇහුනේ නැතිනම් අහපල්ලා //
ඔහෙලා රජ මාලිගාවෙ හීන බලද්දී //
නැති වුණා නම්
හහ් ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

ඉර නැගුනත් නැතත් මොකෝ අපිට කමක් නැතේ //
දෙවියො නුදුන්නත් භූමිය සම්පත දෙනවනේ
අහලා බැඳගෙන අහපල්ලා //
සමහරු පම්පෝරිය අඬබෙරේ ගහද්දී //
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

දියුණුව නම් රන් මාවතෙ ඉදිරිය එළිවෙන්නයි //
අතමිට නැති අපෙ දෑතේ රන්මසු ඉහිරෙන්නයි
සියලු දෙයියනේ පිහිටයි //
පෑදේ ජය වාසනාව අපේ පිනෙන්නේ //
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Nathi Wuna Nam Song Lyrics - අපි නැති වුණා නම් ගීතයේ පද පෙළ Api Nathi Wuna Nam Song Lyrics - අපි නැති වුණා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment