Kadulu Atharata Song Lyrics - කඳුළු අතරට ගීතයේ පද පෙළ

Kadulu Atharata Song Lyrics - කඳුළු අතරට ගීතයේ පද පෙළ
Song Title : Kadulu Atharata (කඳුළු අතරට)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : දයා ද අල්විස්
තනුව : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
මේ දයා රචනා කළ පළමු ගීය. ඈ තුළ ගී උල්පතක් තිබුණා. ඒ උල්පත මතු කරලා ගී ලියන්න දයා අක්කව පෙළඹෙව්වෙ මිල්ටන් පෙරේරා.


කඳුළු අතරට සිනා රැලි වෙමි
විඩාවට සෙවණක් වෙමි
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී //

සුවඳ සුදු මල් සිනාසෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැති බර සෙනේ

සැඳෑවක ඔබ සඳැල්ලට වී තනිව ලතවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම් සඟවලා රන් වලාවේ

බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බරවී සැනහිලා
සුවඳ දුම් මැද පිදූ මල් මැද
පැතුම් පුරවමි හිනැහිලා

යහනකට වී අඳුර ඉවසා රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි කවුළුවෙන් කුටියට ඔබේ

කඳුළු අතරට සිනා රැලි වෙමි
විඩාවට සෙවණක් වෙමි
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Atharata Song Lyrics - කඳුළු අතරට ගීතයේ පද පෙළ Kadulu Atharata Song Lyrics - කඳුළු අතරට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment