Sri Lanka Dipaye Song Lyrics - ශ්‍රී ලංකා දීපයේ ගීතයේ පද පෙළ

Sri Lanka Dipaye Song Lyrics - ශ්‍රී ලංකා දීපයේ ගීතයේ පද පෙළ

Sri Lanka Dipaye Song Lyrics - ශ්‍රී ලංකා දීපයේ ගීතයේ පද පෙළ
Song Title : Sri Lanka Dipaye (ශ්‍රී ලංකා දීපයේ)
ගායනය : ලතා වල්පොල සමග මොහිදීන් බෙග් සහ පිරිස
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.


තම්දා තනන තාන තනෙන
තම්දෙන තන තාන තනෙන
තනෙන තනෙන තනෙන තනෙන තානා

දින් දින තන තාන තනෙන
දින් දින තන තාන තනෙන
තනෙන තනෙන තනෙන තනෙන තානා

චමක චමා චුම් චන නන
චමක චමා චුම් චන නන
චුම් චනනන චුම් චනනන චුම් චනනන චුම්

ශ්‍රී ලංකා දීපයේ මේ නව සමාජයේ
නිදහාසේ බීලා අපී නටමූ ජොලියේ
සුර ලෝකේ පානෙ මේ
සුර ලෝ විනෝදෙ මේ
උඹ නැතිදා මං ඉඳලා ඇයි මේ ලෝකේ

කොයි කාටත් නිදහස ලැබුණා නේ
උඹ තාමත් ඔය බීමේ වහලා නේ
පවුල මෙහේ අඬනවා
මිනිහ ඔහේ නටනවා
ලොවටත් ගිනි වද්දලා
පවුලත් මකබාවලා
පාරක හෝ කාණුවකයි බේබදු මරණේ

සුර ලෝකේ පානෙ මේ (චමක චමා චුම් චන නන)
සුර ලෝ විනෝදෙ මේ (චමක චමා චුම් චන නන)
උඹ නැතිදා මං ඉඳලා ඇයි මේ ලෝකේ (චුම් චනනන චුම් චනනන චුම් චනනන චුම්)

අපි වාගේ බොන මිනිසුන් වැඩි නිසා
ආණ්ඩුව පොහොසත් වී වැඩියෙන් දියුණු වුණා
අඅආ... ආ.... අඅආ... ආ.... අඅආ... ආ....
අපි වාගේ බොන මිනිසුන් වැඩි නිසා
ආණ්ඩුව පොහොසත් වී වැඩියෙන් දියුණු වුණා
ආණ්ඩුව නැති රටේ
දියුණුව බිඳ වැටේ

රට පිරිලා රන් කාසී පිරිලා ඇයි
ඕ හෝ හෝ හෝ....
තිරිසන් සේ බේබද්දෝ ඉඳලා ඇයි
මේ සුරාවෙන් අනේ
ලෝ අපායක් වුණේ

මිනිමරුවන් වැඩිවෙතී
හොරු තක්කඩි බෝවෙතී
ලෙඩ රෝගත් අපරාධත් තව වැඩිවේවී

සුර ලෝකේ පානෙ මේ (චමක චමා චුම් චන නන)
සුර ලෝ විනෝදෙ මේ (චමක චමා චුම් චන නන)
උඹ නැතිදා මං ඉඳලා ඇයි මේ ලෝකේ (චුම් චනනන චුම් චනනන චුම් චනනන චුම්)

මහ වැස්සත් ගිනි අව්වත් නොසලකා
පිරිමින් දුක් වින්දේ ගෑණුන්ගේ සැප නිසා
ඒ දුක් වේදනා
බීමෙන් නැතිවුණා

උඹගේ ඒ බොරු ආලේ දන්නවා මං
ඕ හෝ හෝ හෝ....
ගැබිනි කාලෙ ගුටි කෑ හැටි මතකයි දැන්
දරු ඵලත් නැති කළේ
මේ උඹේ බීම නේ 

ඒ තරමට බිහිසුණු මේ සුරාපානේ
පරමාණුව වාගේමයි භයංකාර නේ
සීයා පා
මුත්තා පා
මං ඉතින් බොන්නෙ නෑ

බොරු සැපයක් පෙන්නලා
අනන්ථ බර දුක් දෙනා
සුරා යකා මළොත් තමයි කිරි ඉතිරෙන්නේ

ශ්‍රී ලංකා දීපෙහී නිදහාසේ මල් පිපී
සියල් සතුන් නිදුක් වෙවා සැප සෑදේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sri Lanka Dipaye Song Lyrics - ශ්‍රී ලංකා දීපයේ ගීතයේ පද පෙළ Sri Lanka Dipaye Song Lyrics - ශ්‍රී ලංකා දීපයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment