Sithala Rate Miduma Wate Song Lyrics - සීතල රටේ මීදුම වැටේ ගීතයේ පද පෙළ

Sithala Rate Miduma Wate Song Lyrics - සීතල රටේ මීදුම වැටේ ගීතයේ පද පෙළ
Song Title : Sithala Rate Miduma Wate (සීතල රටේ මීදුම වැටේ)
ගායනය : සුජාතා අත්තනායක
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ සකුන්තලා චිත්‍රපටියේ ගීයකි.


සීතල රටේ
මීදුම වැටේ
නාඹර වියේ මා හද ඉපිලේ
නැළවේ විනෝද ලෝකේ
මේ නැළවේ විනෝද ලෝකේ //

මේකුළු සාරිය පොරවාලා
දේදුනු නෙරියේ රැළි මාලා //

අහස සිනාසේ
මහද පිනායේ
කෝකිල ගීත රාවේ

සීතල රටේ
මීදුම වැටේ
නාඹර වියේ මා හද ඉපිලේ
නැළවේ විනෝද ලෝකේ
මේ නැළවේ විනෝද ලෝකේ

මා ගැයු ගීතය පාවීලා
ඈතට ඈතට විහිදීලා //

ඔබ ළඟ රැඳුනේ
කවුරුද ඇදුනේ
මා නැත තාම දන්නේ

සීතල රටේ
මීදුම වැටේ
නාඹර වියේ මා හද ඉපිලේ
නැළවේ විනෝද ලෝකේ
මේ නැළවේ විනෝද ලෝකේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithala Rate Miduma Wate Song Lyrics - සීතල රටේ මීදුම වැටේ ගීතයේ පද පෙළ Sithala Rate Miduma Wate Song Lyrics - සීතල රටේ මීදුම වැටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment