Lo Ada Ninde Song Lyrics - ලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළ

Lo Ada Ninde Song Lyrics - ලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළ

Lo Ada Ninde Song Lyrics - ලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළ
Song Title : Lo Ada Ninde (ලෝ අඩ නින්දේ)
ගායනය : ලතා වල්පොල සමග සී.ටී. ප්‍රනාන්දු
පද : සුසිල් සේනාධීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහළට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැළවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ
කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lo Ada Ninde Song Lyrics - ලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළ Lo Ada Ninde Song Lyrics - ලෝ අඩ නින්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment