මේ මිනිස්සු සාමාන්‍ය ජීව්තයක් ගත කරපු මැද පන්තියේ මිනිස්සු.. මහ ලොකු ගෙවල් දොරවල් එයාලට නෑ.. ඉතින් අහල පහල ඉඩම් ප්‍රශ්නත් තිබුනා.. ඒ නිසා මෙයාලා නිතරම පාවිච්චි කලේ ගෙදර පිටිපස්සේ දොර..
කොහොම හරි අවුරුදු 3ක් විතර එක්තැන් වෙලා හිටපු මේ දරුවා රෝගය නිසාම මිය ගියා.. මිය යද්දි බොහොම කෙට්ටුයි.. ඉතින් මිනිස්සු එකතු වෙලා මිනිය මල් ශාලාවට ගෙනියන්න ලෑස්ති කලා..
ඒත් ඔවුන් නිතරම පාවිච්චි කරන දොර නිසා ඔවුන් ඒක ගැන වැඩිය නොහිතා මිනිය එලියට ගත්තේ ගෙදර පිටිපස්සේ දොරෙන්..
කොහොම හරි මිනිය එම්බාම් කරලා ගෙනල්ලා අවසන් කටයුතුත් සිද්ධ කලා දවස් දෙකකට පස්සේ..
භූම්දානයෙන් පස්සේ රෑ ගෙදර මිනිස්සු කීප දෙනෙක් රැඳිලා හිටියා.. තේ එකක් බිබී ඔවුන් කතා කර කර හිටියලු..
මෙහෙම ඉන්න අතරේ ඔවුන්ට ඇහිලා තියෙනවා මිදුලේ අඹ ගහේ උඩින් ලොකු කලබලයක සද්දයක් වගේ..
වඳුරෝ වෙන්න ඇති කියලා කෙනෙක් අතේ තිබ්බ ටෝච් එක ගහලා බලලා තියෙනවා..
එයාලා ඔක්කොම දැක්කලු මැරුණ ගෑනු ලමයා අත්තක් උඩ වාඩි වෙලා ගේ දිහා බලන් ඉන්නවා.. හිස් බැල්මකින්..
මිනිස්සු ගෙට පැනලා දොරවල් වහගෙන තියෙනවා..
එදා ඉඳන් ගමේ කීප දෙනෙක්ම මේ ලමයව ගස් උඩ දැකලා බය වෙලා තියෙනවා.. තවමත් ඒක නැති වෙලා නෑ කියලා මිනිස්සු කියනවා..
මට නම් හිතෙන්නේ ගෙදර මිනිස්සු ඒ ලමයට ලොකු අසාධාරණයක් කලා කියලයි සිහි කල්පනාවක් නැතුව..
කොහොම වුනත් එයා අවුරුදු 3ක් ඇවිදගන්න බැරුව ඇඳේ කොටු වෙලා දුක් විඳපු එක හරි යන්න එයා ඇවිදිනවා ඇති..
ඒත් අමනුස්සයෙක් වෙලා උඹ කොච්චර කල් ඇවිදින්නද නංගියේ?
0 comments:
Post a Comment