Aladin Aladin Pahana Dipan Song Lyrics - ඇලඩින් ඇලඩින් පහන දීපං ගීතයේ පද පෙළ

Aladin Aladin Pahana Dipan Song Lyrics - ඇලඩින් ඇලඩින් පහන දීපං ගීතයේ පද පෙළ
Song Title : Aladin Aladin Pahana Dipan (ඇලඩින් ඇලඩින් පහන දීපං)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

මහා සාගරේ ජලයෙන් විදුලිය නිපදන්න ඕන
වහාම ගොස් ඒකෙ තියෙන ලුණු රහ ඇර දෙන්න ඕන
මීට පස්සෙ රෑට තමය් සූර්යා පායන්න ඕන
ඒක හින්ද දවල් අහසෙ පුන් සඳ බැබලෙන්න ඕන //

ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

ආරුනූල් වෙෙරොඩි කැට කැට්ස්අයි වෙන්න ඕන
ජපන් රටෙ සේල් එකෙදි හොඳම මිලක් ගන්න ඕන
බේරෙ වැවෙන් මෝය කටෙන් මේවා හමුවෙන්න ඕන
මුතු බෙල්ලො කැලණි ගඟේ මහවැලියෙත් ඉන්න ඕන //

ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

තෙල් පැට්‍රල් නැතිව පාරෙ වාහන පදවන්න ඕන
රේල් පීලි නොදා තමයි කෝච්චි එලවන්න ඕන
සුමානෙකට එක දවසක් වරුසාවක් එන්න ඕන
ඒ වරුසාවෙන් ඇළ දොළ ගංගා පුරවන්න ඕන //

ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aladin Aladin Pahana Dipan Song Lyrics - ඇලඩින් ඇලඩින් පහන දීපං ගීතයේ පද පෙළ Aladin Aladin Pahana Dipan Song Lyrics - ඇලඩින් ඇලඩින් පහන දීපං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment