බතල මැකරූන්ස් හදමු (Bathala Macaroons Hadamu)

බතල මැකරූන්ස් හදමු (Bathala Macaroons Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට වෙනස්ම රසවත් කෑමක් අරන් ආවා. තම්බාගත් බතල වලින් මැකරූන්ස් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈තම්බා පොඩිකර ගත් බතල කෝප්ප 1 ක්
  • 🎈 ගාගත් පොල් කෝප්ප 1 ක්
  • 🎈 සීනි හෝ ගාගත් හකුරු කෝප්ප 1/2 ක් (ඔයාල සීනි පාවිච්චි කරනවා නම් රස අනුව වැඩි කර ගන්න)
  • 🎈 බිත්තර 2 ක්
  • 🎈 කුඩාවට කපාගත් කජු කෝප්ප 1/2 ක් පමණ
  • 🎈 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 බිත්තර විනාඩි 2,3 ක් ගසා ගන්න.
  2. 💥 බතල , සීනි,පොල්,හකුරු සහ වැනිලා හොඳින්  මිශ්‍ර කර ගන්න.
  3. 💥 මෙම මිශ්‍රණයට ගසාගත් බිත්තර එකතු කර මිශ්‍ර කර ගන්න.
  4. 💥 තෙල් තවරන ලද බේකින් පේපර් එකක් දැමූ තැටියක මේ මිශ්‍රණය පොඩි බොකුටු හැන්දකින්  පරතරය තබමින් දමන්න. 🔥නැත්නම් කෙලින්ම මේ මිශ්‍රණය තැටියට දමා බේක් කර කෑලි කපා ගන්නත් පුලුවන්.
  5. 💥 දැන් 200 ° C න් විනාඩි 10ක් රත් කරගත් අවන් එකක විනාඩි 20ක් ක් පමණ බේක් කර ගන්න .යන්තමින් රන්වන් පැහැ වනතුරු පමනක් බේක් කරන්න.❤️ ඔයාලා මිශ්‍රණය තැටියට දාන ප්‍රමාණය අනුව බේක් වන වෙලාව වෙනස් වෙන්න පුලුවන් ,ඒනිසා යන්තම් රන්වන් පැහැ වනතුරු බේක් කර ගන්න.
  6. 💥 නිවුනු පසු පරිස්සමෙන් ගලවා ගන්න .හොඳින් බේක් වෙලා නම් පහසුවෙන් ගලවා ගන්න පුලුවන්.
❤️ රස නියමයි 😋 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ ❤️ සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බතල මැකරූන්ස් හදමු (Bathala Macaroons Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බතල මැකරූන්ස් හදමු (Bathala Macaroons Hadamu) බතල මැකරූන්ස් හදමු (Bathala Macaroons Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment