Giri Hel Mudune Song Lyrics - ගිරි හෙල් මුදුනේ ගීතයේ පද පෙළ

Giri Hel Mudune Song Lyrics - ගිරි හෙල් මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Giri Hel Mudune (ගිරි හෙල් මුදුනේ)
ගායනය : මොහිදීන් බෙග්
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්.එස්. වේදා
චිත්‍රපටිය : ඩිංගිරි මැණිකා (1956)
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.


ගිරි හෙල් මුදුනේ
මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේහී //

මහමෙර නොසැලේ
සුළඟින් කිසි කාලේ
නැත කළු පාට කිරේහී

ගිරි හෙල් මුදුනේ
මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේහී

සීතල වූ දිය මහ සාගරේ
උණු වේවි ද කවදා සාගරේ
ඒඑ ඒ...... ඒ.. ඒ.. ඒ.. ඒ......
සීතල වූ දිය මහ සාගරේ
උණුවේවි ද කවදා සාගරේ

කෝකිලා කවුඩා නොවේ
නෑ මෙසේ වීලා ලොවේ
නිලමැසි සේනා අසලට නේනා
නිලමැසි සේනා අසලට නේනා
භෘංගයා මිස නෙළුමේ
භෘංගයා මිස නෙළුමේ

ගිරි හෙල් මුදුනේ
මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේ හී

දිනු ජාතිය වටිනා සිංහලේ
අභිමාන වූ දැය මේ සිංහලේ

දිනු ජාතිය වටිනා සිංහලේ
අභිමාන වූ දැය මේ සිංහලේ

ඒ නිගා සිරිතේ ගැලී
හා නොගා ඉඳිනූ දැලී
පර සිරිතේනි ඔබ හෙල මෑණි
පර සිරිතේනි 
ඔබ හෙළ මෑණි
ඇයි ද සෝකෙට හෙළුවේ
ඔබ හෙළ මෑණි
ඇයි ද සෝකෙට හෙළුවේ
ඇයි ද සෝකෙට හෙළුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Giri Hel Mudune Song Lyrics - ගිරි හෙල් මුදුනේ ගීතයේ පද පෙළ Giri Hel Mudune Song Lyrics - ගිරි හෙල් මුදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment