Alehi Badi Song Lyrics - ආලේහි බැඳී ගීතයේ පද පෙළ

Alehi Badi Song Lyrics - ආලේහි බැඳී ගීතයේ පද පෙළ
Song Title : Alehi Badi (ආලේහි බැඳී)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : මොහොමඩ් සාලි
මෙය මිල්ටන් ගුවන් විදුලිය වෙනුවෙන් ගැයූ මුල්ම ගීතය ලෙස වාර්තා වල ඇතිමුත්, ඇලෝයි ම පවසා ඇති අයුරින් ඔහු ස්වදේශීය සේවයට ගැයූ ‘මට ආලෝක පෑ මාගෙ පියේ’ සහ ‘දී මා හදෙහි ඔබ ආදර ගුණ’ ගීත දෙක තමයි මුල්ම ගුවන් විදුලියට ගැයූ ගීත වන්නේ.


ආලේහි බැඳී
ජීවිතේ අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී

ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී

ලැබු ජීවිතෙ සුළු දේකි ඔබේ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ

පුදුමේකි රජුන් කිවිඳුන් පඬිඳුන් හා සමගා
දණ නමති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා
මේ ආලය හින්දා

ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී

ඉරිතැලුණු හදින් වැගුරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුණු තැන හා

මේ ආලයමයි කෙනෙකුට සුර සැප ගෙනදෙන්නේ
මේ දේම තමා ජීවිත ගණනක් වනසන්නේ
ජීවිත වනසන්නේ

ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alehi Badi Song Lyrics - ආලේහි බැඳී ගීතයේ පද පෙළ Alehi Badi Song Lyrics - ආලේහි බැඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment