ක්ෂණික පරාටා හදමු (Parata Hadamu)

ක්ෂණික පරාටා හදමු (Parata Hadamu) - Your Choice Way

පිටි අනන්නෙ , තුනී කරන්නෙ නැතුව ඉතාමත් ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුලුවන් පරාටා රෙසිපි එකක් තමයි අද මං ඔයාලට ගෙනාවෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 පාන්පිටි කෝප්ප 2 ක්
  • 🔸 මෙල්ටඩ් බටර් හෝ රත් කරගත් තෙල් මේස හැඳි 2 ක්
  • 🔸 සිහින්ව කපාගත් ලීක්ස් කොල ටිකක් හෝ කොත්තමල්ලි කොල ටිකක්
  • 🔸 රස අනුව ලුනු
  • 🔸 වතුර කෝප්ප 2  1/4 ක්
  • 🔸 බටර් ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔶 පිටි සහ ලුනු හොඳින් මිශ්‍ර කරන්න .
  2. 🔶 වතුර ටික ටික එකතු කරමින් විස්ක් එකක් ආදාරයෙන් පිටි කැටි නැති වන තුරු මිශ්‍ර කරන්න.
  3. 🔶 එයට මෙල්ටඩ් බටර් හෝ රත් කරගත් තෙල් එකතු කර මිශ්‍ර කරන්න.
  4. 🔶 දැන් කුඩාවට කපාගත් කොත්තමල්ලි කොල හෝ ලීක්ස් ටික එකතු කර මිශ්‍ර කර ගන්න.
  5. 🔶 දැන් නන්ස්ටික් පෑන් එකක් රත් කර පිටි මිශ්‍රණයෙන් හැන්ඳක් දමා , හැන්දෙන් රවුමට සකස් කර ගන්න.
  6. 🔶 රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා පුලුස්සා ගන්න.
  7. 🔶 අවසානයට පෑන් එකට බටර් ටිකක් දමා  රත් කර සාදා ගත් පරාටා එක බැගින් ඒ මත දමා දෙපැත්ත යාන්තම් පුලුස්සා ගන්න.
❤ ඔයාලා කැමති කරි එකක් සමග රස විඳින්න පුලුවන්  ❤  එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💕💕 සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
ක්ෂණික පරාටා හදමු (Parata Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ක්ෂණික පරාටා හදමු (Parata Hadamu) ක්ෂණික පරාටා හදමු (Parata Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment