Obe Sumudu Athin Song Lyrics - ඔබෙ සුමුදු අතින් ගීතයේ පද පෙළ

Obe Sumudu Athin Song Lyrics - ඔබෙ සුමුදු අතින් ගීතයේ පද පෙළ
Song Title : Obe Sumudu Athin (ඔබෙ සුමුදු අතින්)
ගායනය : විජය බණ්ඩාර වැලිතුඩුව
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


ඔබෙ සුමුදු අතින්
මගෙ කඳුළු පිසින්
මා හඬවා රිදවා ගිය දා
සෙනෙහේ නොහඳුණනා හින්දා //

ඈත වසන්තේ මල් මී ගොන්නේ
මෑත වාලුකා නියම් තලාවේ
අතරේ තනි වී හැඟුමන් තෙරපී
අතරේ තනි වී හැඟුමන් තෙරපී
මා ගෙවනා රුදු සංසාරේ

ඔබෙ සුමුදු අතින්
මගෙ කඳුළු පිසින්
මා හඬවා රිදවා ගිය දා
සෙනෙහේ නොහඳුණනා හින්දා

භවෙන් භවේ අප පෙරුම් පුරා විත්
මේ භවයේදී දෙතැනක තනි වී
මතු සසරක් ගැන පෙරුම් පුරන්නට
මතු සසරක් ගැන පෙරුම් පුරන්නට
හමු වේවිද මේ සංසාරේ

ඔබෙ සුමුදු අතින්
මගෙ කඳුළු පිසින්
මා හඬවා රිදවා ගිය දා
සෙනෙහේ නොහඳුණනා හින්දා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Sumudu Athin Song Lyrics - ඔබෙ සුමුදු අතින් ගීතයේ පද පෙළ Obe Sumudu Athin Song Lyrics - ඔබෙ සුමුදු අතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment