Napuru Wenna Song Lyrics - නපුරු වෙන්න ගීතයේ පද පෙළ

Napuru Wenna Song Lyrics - නපුරු වෙන්න ගීතයේ පද පෙළ
Song Title : Napuru Wenna (නපුරු වෙන්න)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : ශෙහාන් ගලහිටියාව


නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා … ආ … ආදර මගේ අම්මා
මා … ආ … ආදර අම්මා
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය, මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා … ආ … ආදර මගේ අම්මා
මා … ආ … ආදර අම්මා

කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා … ආ … ආදර මගේ අම්මා

යන එන තැන විමසා මා පසු පස උන්නා
හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා … ආ … ආදර මගේ අම්මා

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා … ආ … ආදර මගේ අම්මා
මා … ආ … ආදර අම්මා
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය, මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා … ආ … ආදර මගේ අම්මා
මා … ආ … ආදර අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Napuru Wenna Song Lyrics - නපුරු වෙන්න ගීතයේ පද පෙළ Napuru Wenna Song Lyrics - නපුරු වෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2022 Rating: 5

0 comments:

Post a Comment