Mina Nuwan Song Lyrics - මීන නුවන් ගීතයේ පද පෙළ

Mina Nuwan Song Lyrics - මීන නුවන් ගීතයේ පද පෙළ
Song Title : Mina Nuwan (මීන නුවන්)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : කපිල කුමාර කාලිංග
තනුව : සේනානායක වේරලියද්ද


මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mina Nuwan Song Lyrics - මීන නුවන් ගීතයේ පද පෙළ Mina Nuwan Song Lyrics - මීන නුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, August 01, 2022 Rating: 5

0 comments:

Post a Comment