Kusa Pabawathi Puwathak Song Lyrics - කුස පබාවතී පුවතක් ගීතයේ පද පෙළ

Kusa Pabawathi Puwathak Song Lyrics - කුස පබාවතී පුවතක් ගීතයේ පද පෙළ
Song Title : Kusa Pabawathi Puwathak (කුස පබාවතී පුවතක්)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : විජය ගුණසිංහ
තනුව : සිරිල් පෙරේරා


කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

සිංහල අවුරුද්දේ
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ
බාල මස්සිනා
ජයම්පතී කුමරුන්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

පබවත් හද තුල
අකුලක් මතුකළ
කොණ්ඩ කැවුම් මුහුණක් ආ ආ ආ
නිරිඳෙකු අත්හළ කුස මුසපත් කළ
සෝභමාන අඟනක් ආ ආ ආ
සෝභමාන අඟනක්
ඇය පබවත් බදු අඟනක් ආ ආ ආ
ආස්මියක රස පබවත් නළලත
කාන්තිමත් ළසඳක්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

පබාවතී මම ඇලුම් කළා නොව
මංගල ඇතු මත්තේ
සවන් පෙතිග ළඹ නුවන් යුග ද දිගු
ඇයි අමතක චිත්තේ
මම ජයම්පතිය ළඳුනේ
සුරුවම් රුවටද බැඳුනේ
උරස් හරස් කර ගන්ට එපා සිත
කොකිස් නිසා ළඳුනේ

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

සිංහල අවුරුද්දේ
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ
බාල මස්සිනා
ජයම්පතී කුමරුන්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්
දවසක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kusa Pabawathi Puwathak Song Lyrics - කුස පබාවතී පුවතක් ගීතයේ පද පෙළ Kusa Pabawathi Puwathak Song Lyrics - කුස පබාවතී පුවතක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2022 Rating: 5

0 comments:

Post a Comment