Loke Bambare Waage Song Lyrics - ලෝකේ බඹරේ වාගේ ගීතයේ පද පෙළ

Loke Bambare Waage Song Lyrics - ලෝකේ බඹරේ වාගේ ගීතයේ පද පෙළ
Song Title : Loke Bambare Waage (ලෝකේ බඹරේ වාගේ)
Artist : MG Danushka / Lavan Abhishek / Anura Priyakelum / Sithum Nimantha / Nilupul Bandara / Sachini Ranawaka
Lyrics : Shehan Galahitiyawa
Music & Melody : Chathurangana De SIlva
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV


හීන ජිවිතේ (ජීවිතය) සොයාලා
මහපාරේ පියමැනලා
කාසී කොල සුවඳ මාරුතේ
කාසී මල් පෙති සිඹලා
ජීවිතේ කඳුළු සාගරේ සන්තාපේ ශෝකේ පාලා
මේ කඳුළු පැණි රහ කරලා සැරිසරනවා

ඇල් වතුර බොන්නෙත් නිවලයි
මහ පොලොවෙ පය ගහලා
මේ දෑතේ කරගැට උරුමයි
අව් කට්ටේ බිම් කොටලා
තේ කහට උගුරක් බීලා
පිල් කඩක දිග ඇදිලා
අපි හෙව්වේ අපේ ජීවිතයයි
යෞවනය මග හැරලා

ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ

ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ

ගල් බොරළු අතරින් ගලනා ගංගාවේ රුව දිලෙනා
මේ ලෝකේ දුක් රස විදිනා කොලු රෑනේ මන බදිනා
ආදරය රිදුමක් එලෙසයි විදගන්නේ හිත ඉවසා
සැපෙන් සැපේ අපි සෙව්වේ මහ පොළොවේ දුක් විදලා

ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ

ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ

හීන ජිවිතේ (ජීවිතය) සොයාලා
මහපාරේ පියමැනලා
කාසී කොල සුවඳ මාරුතේ
කාසී මල් පෙති සිඹලා
ජීවිතේ කඳුළු සාගරේ සන්තාප ශෝකේ පාලා
මේ කඳුළු පැණි රහ කරලා සැරිසරනවා

ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ

ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ
මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ
ලෝධම එලෙසින් ආ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loke Bambare Waage Song Lyrics - ලෝකේ බඹරේ වාගේ ගීතයේ පද පෙළ Loke Bambare Waage Song Lyrics - ලෝකේ බඹරේ වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2022 Rating: 5

0 comments:

Post a Comment