ඉස්සන් බැදුම (Issan Baduma)

ඉස්සන් බැදුම (Issan Baduma) - Your Choice Way

ඔන්න අදත් ඔයාලට විශේෂ රසයකින් යුත් ආහාර වට්ටෝරුවක් අරගෙන ආවා.මේ ඉස්සන් බැදුමත් ඔයාලට විශේෂ අවස්තාවකදි හදා ගන්න පුළුවන් , කහ බතට, දුන්තෙල් බතට හොඳ ගැලපීමක් වේවි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🦐 අමු ඉස්සන් 500g ක් පමණ 
  • 🦐 බී ලූනු ගෙඩි 2 ක්
  • 🦐 අමු මිරිස් කරල් 6 ක්
  • 🦐 මාලු මිරිස් කරල් 2 ක් 
  • 🦐 තලාගත් ඉඟුරු ,සුදුලූනු ටිකක් 
  • 🦐 කරපිංචා ටිකක් 
  • 🦐 සියඹලා ටිකක් 
  • 🦐 කුරුඳු පොතු කැබැල්ලක් 
  • 🦐 සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 2 ක් 
  • 🦐 අබ ඇට තේ හැඳි 1/2 ක්
  • 🦐 මිරිස් කුඩු තේ හැඳි 2 ක් 
  • 🦐 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක් පමණ 
  • 🦐 කහ කුඩු ස්වල්පයක් 
  • 🦐 සීනි තේ හැඳි 2 ක් 
  • 🦐 අවශ්‍ය පමණ ලුනු 
  • 🦐 එලවලු තෙල් හෝ පොල්තෙල් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 ඉස්සන් හොඳින් පිරිසිදු කර ලුනුකුඩු ,කහකුඩු ,මිරිස් කුඩු ටිකක් සහ දෙහි යුශ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර පැය බාගයක් පමණ තබන්න .
  2. 💥 සියඹලා ටිකක් ගෙන උණු වතුර මේස හැඳි 2 ක් එකතු කර දියකර ගන්න .
  3. 💥 බී ලූනු සිහින්ව කොටු හැඩයට කපා ගන්න .
  4. 💥 අමු මිරිස් කරල්  දිග අතට මැදින් කැපුමක් දා ගන්න.
  5. 💥 මාලු මිරිස් කරල් දිග අතට කපා ගන්න .
  6. 💥 දැන් පෑන් එකක් ගෙන තෙල් මේස හැඳි 3 ක්  පමණ දමා රත් කර,  සීසන් කරගත් ඉස්සන් රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා බැද ගෙන පසෙකින් තබන්න .
  7. 💥 පසුව වෙනත් භාජනයක් ගෙන තෙල් මේස හැඳි 2 ක් පමණ දමා රත් වන විට අබඇට දමා පුපුරුවා ගන්න .
  8. 💥 එයටම වියලි මිරිස් සහ කුරුඳු පොතු දමන්න .
  9. 💥 පසුව කොටු කපාගත් බී ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් තෙම්පරාදු කර ගන්න .
  10. 💥 දැන් එයට තලාගත් ඉඟුරු , සුදුලූනු සහ කරපිංචා එකතු කරන්න .
  11. 💥 දැන් මිරිස් කුඩු,කහ  කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර ගින්දර අඩුකර විනාඩි 2 ක් පමණ පිස ගන්න .
  12. 💥 පසුව දියකර ගත් සියඹලා ඉස්ම මේස හැඳි 2 ක් , සීනි සහ අවශ්‍ය පමණ ලුනු එකතු කරන්න .
  13. 💥 මද වේලාවක් පිස ගන්න .
  14. 💥 පසුව බැදගත් ඉස්සන් එකතු කරන්න .
  15. 💥 මාලු මිරිස් සහ අමු මිරිස් ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
  16. 💥 පියන වසා මද ගින්නේ ටික වේලාවක් පිස ගන්න .
  17. 💥 ඔබට සරසා ගැනීමට අවශ්‍ය නම් වියලි මිරිස් කරල් 2,3 ක් සහ කරපිංචා කොල ටිකක් බැද උඩින් එකතු කරන්න .

රවුම් කපාගත් බී ලූනු පෙති සහ දෙහි පෙති පැත්තකින් ෆොටෝ එකේ පෙනෙන විදියට එකතු කර ගන්නත් පුළුවන් 😍 🍁ඔන්න එහෙනම් හදලා බලලා මටත් රස කියන්නකෝ 😍 😍 මටත් 🦐 ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😊

හෙළයේ රස මිහිර
ඉස්සන් බැදුම (Issan Baduma) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉස්සන් බැදුම (Issan Baduma) ඉස්සන් බැදුම (Issan Baduma) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2022 Rating: 5

0 comments:

Post a Comment