Dawasak Da Ra Wasantha Sanakeliye Song Lyrics - දවසක් දා රෑ වසන්ත ගීතයේ පද පෙළ

Dawasak Da Ra Wasantha Sanakeliye Song Lyrics - දවසක් දා රෑ වසන්ත ගීතයේ පද පෙ
Song Title : දවසක් දා රෑ වසන්ත (Dawasak Da Ra Wasantha Sanakeliye)
ගායනය : නීලා වික්‍රමසිංහ
තනුව : නිමල් මෙන්ඩිස් (Then He Kissed Me - The Crystals ඇසුරින්)
ගී පද : ගාමිණී විජේතුංග


දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගෙ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පිරූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ - කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ - කවුදෝ දන්නේ //

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගෙ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasak Da Ra Wasantha Sanakeliye Song Lyrics - දවසක් දා රෑ වසන්ත ගීතයේ පද පෙළ Dawasak Da Ra Wasantha Sanakeliye Song Lyrics - දවසක් දා රෑ වසන්ත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment