බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu)

බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu) - Your Choice Way

අපේ පුංචි කාලෙ එක්ක බැඳුනු මතකයක් අද අරන් එන්න හිතුවා . දැන් වගේ රසම රස බිස්කට් වර්ග නැති උනත්, ඒකාලෙ  තේ එකේ පොඟවගෙන කාපු මේ බටර් විස්කෝතුවට අදටත් මං ආසයි 💕💕💕💕ඔයාලත් හදලා  රස බලන්නකෝ 😊😊😊

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  •  පිටි කෝප්ප 2ක්
  •  සීනි මේස හැඳි 2ක්
  •  ලුනු තේ හැඳි 1/2ක්
  •  වතුර කෝප්ප 1/2ක්
  •  යීස්ට් තේ හැඳි 1 1/2ක්
  •  මිල්ක් පව්ඩර් කෝප්ප 1/4ක්
  •  බටර් මේස හැඳි 2 ක්
  •  මාදුරු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌸 වතුර කෝප්ප 1/2 දමා මිල්ක් පව්ඩර් ටික දියකර ගන්න.
  2. 🌸 එයට සීනි ,ලුනු එකතු කර දිය කර ගන්න.
  3. 🌸 වෙනම බෝල් එකක් ගෙන පිටි, යීස්ට් හොඳින් මිශ්‍ර කරන්න.
  4. 🌸 දැන් ලුනු,සීනි දියකර ගත් කිරි ටික ටික දමමින් පිටි එක අනා ගන්න.
  5. 🌸 බටර් මේස හැඳි 2 එකතු කරමින් පිටි මෝලිය විනාඩි 15ක් පමන නීඩ් කරන්න.
  6. 🌸 තෙත රෙද්දකින් හෝ ඉටි කොලයකින් වසා පැයක් පිපෙන්න තබන්න.
  7. 🌸 පැයකට පසු මෙම ඩෝ එක පිටි අල්ලෙන් තෙරපා වායු ඉවත් කරන්න.
  8. 🌸 නැවත විනාඩි 5ක් පමන ඩෝ එක නීඩ් කර  කොටස් 10කට කඩා ගන්න.
  9. 🌸 කඩා ගත් පිටි කොටස් අතින් රවුම් කර බේකින් පේපර් එකක් දැමූ තැටියක තෙල් ආලේප කර, අඟල් 2ක් පමණ දුරින් සිටින සේ තබා පිටි බෝල මතුපිටින්  පොඩ්ඩක් අතින් තද කර කුඩා බනිස් හැඩයට හදා ගන්න.
  10. 🌸 නැවත තෙත රෙදි කඩින් වසා විනාඩි 20ක් තබන්න.
  11. 🌸 විනාඩි 20කට පසු  160c න් pre heat කල oven එකක විනාඩි 20ක් bake කරන්න.
  12. 🌸 බේක් කර ගත් කුඩා බනිස් අවන් එකෙන් ඉවතට ගෙන විනාඩි 5ක් තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න.
  13. 🌸 දැන් මේ කුඩා බනිස් ටික නිවුනු පසු දෙකට කපා ගන්න.
  14. 🌸 දෙකට කපා ගත් බනිස් කැබලි කපපු පැත්ත උඩ අතට සිටිනසේ තැටියේ අතුරා ගන්න.
  15. 🌸 නැවත අවන් එක 140 c න් රත් කර විනාඩි 15 බැගින් දෙපැත්ත දමමින් බේක් කර ගන්න.

🏵️ එක් එක් අවන් වල උශ්ණත්වය වෙනස් නිසා ඔයාලා මේ විස්කෝතු ටික  කලු කර ගන්නෙ නැතුව  බේක් කර ගන්න.

ඔන්න දැන් ඉතිං තියන්නෙ රස බලන්න තමයි 💕💕😊😍😍සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu) - Your Choice Way

බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu) - Your Choice Way

බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu) බටර් විස්කෝතු හුලං විස්කෝතු හදමු (Butter Biscuits Puff Biscuits Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment