ආප්ප හදමු (Appa Hadamu)

ආප්ප හදමු (Appa Hadamu) - Your Choice Way

ගොඩාක් ක්‍රම වලට හදා ගන්න පුලුවන් ඒත් ගොඩාක් අය නිතර වරද්ද ගන්න රෙසිපියක් තමයි ඔන්න අද මං ඔයාලට ගෙනාවෙ. පිටි කොටන්නෙ හලන්නෙ නැතුව ඉතාමත් පහසුවෙන් ඔයාලට මේ ක්‍රමයට ආප්ප හදා ගන්න පුලුවන් 😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍀 සහල්  500g
  • 🍀 ආප්ප සෝඩා තේ හැඳි 2ක් / යීස්ට් තේ හැඳි 1 ක් (මේ වර්ග දෙකෙන් එක වර්ගයක් පමණක් පාවිච්චි කරන්න)
  • 🍀 පොල් වතුර කෝප්ප 1ක් පමණ
  • 🍀 සීනි මේස හැඳි 1ක්
  • 🍀 උකු පොල්කිරි අවශ්‍ය පමණ
  • 🍀 රස අනුව ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍀 සහල් පැය 6ක් පමණ පොඟවා ගන්න.
  2. 🍀 වතුර පෙරා ඉවත් කරන්න.
  3. 🍀 දැන් පොල් වතුර ටික ටික එක්කරමින් සිනිඳු ඝන මිශ්‍රණයක් වන තුරු බ්ලෙන්ඩ් කරන්න.
  4. 🍀 පොල් වතුර වැඩි කර ගන්න එපා මිශ්‍රණය දියාරු වැඩි වෙනවා.
  5. 🍀 බ්ලෙන්ඩ් කරගත් මේ මිශ්‍රණය මැටි මුට්ටියක හෝ වෙනත් භාජනයක ට දමන්න.
  6. 🍀 බේකින් සෝඩා හෝ යීස්ට් සහ සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  7. 🍀 මිශ්‍රණය හොඳින් වසා පැය 6ක් පමණ පිපෙන්න තබන්න.
  8. 🍀 ආප්ප සෑදීමට පැයකට පමණ පෙර අවශ්‍ය පමණ මිටි කිරි සහ රස අනුව ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. (මිටිකිරි එකවර ගොඩාක් එකතු කරන්න එපා ටික ටික එකතු කරමින් තරමක උකු ද්‍රාවනයක් සකස් කර ගන්න. ගොඩාක් ඝනත් නැති ගොඩාක් දියාරුත් නැතිව හදා ගන්න.)
  9. 🍀 පැයක් පමණ නැවත හොඳින් වසා පිපෙන්න තබන්න.
  10. 🍀 පැයකට පසු රත්කර ගත් ආප්ප තාච්චිය ඇතුලත තෙල්  පෙඟවූ පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.
  11. 🍀 පිටි මිශ්‍රණයෙන් පොල් කටු හැන්ඳක ප්‍රමාණයක් පමණ ගෙන තාච්චියට වත්කර තාච්චිය පුරා විහිදෙන ලෙස රවුමට කර කවන්න.
  12. 🍀 ඉන්පසු ලිප මත තබා පියනකින් වසා මද ගින්නේ පිස ගන්න.
  13. 🍀 ආප්ප ය වටේ ලා දුඹුරු පැහැ වනවිට ඉවතට ගන්න.
සැකසුම  : © නදීෂා ගමගේ

හෙළයේ රස මිහිර
ආප්ප හදමු (Appa Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආප්ප හදමු (Appa Hadamu) ආප්ප හදමු (Appa Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment