Dumbara Mitiyawatha Paththe Song Lyrics - දුම්බර මිටියාවත පැත්තේ ගීතයේ පද පෙළ

Dumbara Mitiyawatha Paththe Song Lyrics - දුම්බර මිටියාවත පැත්තේ ගීතයේ පද පෙළ
Song Title : Dumbara Mitiyawatha Paththe (දුම්බර මිටියාවත පැත්තේ)
ගායනය : උපාලි කන්නංගර
පද : විමල් ලොකුලියන
තනුව : උපාලි කන්නංගර


දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ

නුදුටු විලාසේ ඇයි මඟ හැර යන්නේ
හිතට මගේ නෑ වාවන්නේ //

දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ

කන්ද කපා ආ සඳපාන විලාසේ
ආල නුරා පෑ නුඹ පිට ගං යන්නේ

නාන තොටේදී නෑ විහිළු කරන්නේ
කෝඩු නුඹේ අත නෑ මට හිමිවන්නේ

මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ

සෝඩි ටිකිරි ළැම මල් මාල වැසීයන්
තෝඩු කනේ ලා රන් සේල එතීයන්

වෙන් වෙන දා නෙත කඳුළැලි නොසලන්
ඉඳහිටලා මට ගම්දොරදි පෙනීයන්

මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්

දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ

නුදුටු විලාසේ ඇයි මඟ හැර යන්නේ
හිතට මගේ නෑ වාවන්නේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dumbara Mitiyawatha Paththe Song Lyrics - දුම්බර මිටියාවත පැත්තේ ගීතයේ පද පෙළ Dumbara Mitiyawatha Paththe Song Lyrics - දුම්බර මිටියාවත පැත්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment