Sithin Ma Obe Song Lyrics - සිතින් මා ඔබේ ගීතයේ පද පෙළ

Sithin Ma Obe Song Lyrics - සිතින් මා ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Sithin Ma Obe (සිතින් මා ඔබේ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ //

හොරෙන් බලා සිනාසුණා බැඳී
හැඟුම් තුළින් දුරස් වුණා අපී
බැඳී පෙම් සිනා
ඔබෙන් වෙන් වුණා
ඉතින් ආදරේ කොයි ලෙසින් කියන්නදෝ

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ

හොරෙන් එබී බලන්න බෑ ප්‍රියේ
යුගත් වනා කියන්නදෝ කෙසේ
එයා මා ළඟයි
මගේ නෙත් හඬයි
අනේ නොයන්න ගේ ළඟින් එබී බලා ඔයා

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithin Ma Obe Song Lyrics - සිතින් මා ඔබේ ගීතයේ පද පෙළ Sithin Ma Obe Song Lyrics - සිතින් මා ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment