Awasara Natha Mata Obe Atha Gannata Song Lyrics - අවසර නැත මට ඔබෙ අත ගන්නට ගීතයේ පද පෙළ

Awasara Natha Mata Obe Atha Gannata Song Lyrics - අවසර නැත මට ඔබෙ අත ගන්නට ගීතයේ පද පෙළ
Song Title : Awasara Natha Mata Obe Atha Gannata (අවසර නැත මට ඔබෙ අත ගන්නට)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1976 දී "වික්ටරි" ලේබලයෙන් නිකුත් වූ "අවසර නැත මට" තැටියට ඇතුළත් වූ ගීයකි.තැටි අංකය Victory/ VC-04


අවසර නැත මට ඔබෙ අත ගන්නට
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ

බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළතවෙන
මා අභියස ඔබ සයුර නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඈත ලොව සතර දෙසේ

ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasara Natha Mata Obe Atha Gannata Song Lyrics - අවසර නැත මට ඔබෙ අත ගන්නට ගීතයේ පද පෙළ Awasara Natha Mata Obe Atha Gannata Song Lyrics - අවසර නැත මට ඔබෙ අත ගන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment