Eda Tharam Song Lyrics - එදා තරම් ගීතයේ පද පෙළ

Eda Tharam Song Lyrics - එදා තරම් ගීතයේ පද පෙළ
Song Title : Eda Tharam (එදා තරම්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්

සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවුණාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්

මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද
සැණකෙළියේ අපේ පැතුම් විසිරී පැතිරී ගියාද

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Tharam Song Lyrics - එදා තරම් ගීතයේ පද පෙළ Eda Tharam Song Lyrics - එදා තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment