Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ

Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ
Song Title : Sigiriya (සීගිරිය)
ගායනය : මූන්ස්ටෝන්ස් (ඉන්ද්‍රානි පෙරේරා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
තැටිය EP Decca / DRE-C-4030 (1969)


වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ

සිත පණ ගන්වන
හදේ නිදන්වන
රූබර ළඳුනගෙ
මදහස පෙන්වන //

කලා වැවේ සුළඟින්
ඇගෙ ගත සලිත වෙලා
කලා රසික හෙළයන්
සීගිරි අඟන නෙළා

සඳ වැනි මුව ඇති
රූබර ළඳුනනි
කලා රසය ලොව
හඬගා කියමිනි //

දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කලා රසය හොබවා
සිතුවම් පවතිනවා

වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
බිතු සිතුවම් නෙළුවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ Sigiriya Song Lyrics - සීගිරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment