Dilhani Song Lyrics - දිල්හානී ගීතයේ පද පෙළ

Dilhani Song Lyrics - දිල්හානී ගීතයේ පද පෙළ
Song Title : Dilhani (දිල්හානී)
ගායනය : මූන්ස්ටෝන්ස් (ඉන්ද්‍රානි පෙරේරා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී
සුරතල් දිල්හානී

රන් ඔන්චිල්ලේ
ඇයව හොවාලා
පදවන්නට සිතුණා
රන් තැටියේ කිරි
පැණි පුරවාලා
ගෙන එන්නට සිතුණා

රන්වන් තටු ඇති
සමනලයින් දැක
ඇයගෙ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ
ලස්සණ දැකලා
සිපගන්නට සිතුණා

දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dilhani Song Lyrics - දිල්හානී ගීතයේ පද පෙළ Dilhani Song Lyrics - දිල්හානී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment